Empty Ad
AFC Banner
Empty Ad

රංගිරි දඹුලු විහාරයේ මිණි පහන නිවී යයි

ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලයෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් අද (19) අපවත් වුණා.

උන්වහන්සේ අද පෙරවරුවේ අපවත් වී ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

දේහය පිළිබඳව අවසන් කටයුතු පසුවට දැනුම්දෙන බව විහාරස්ථ දායක සභාව පවසන අතර අපවත් වන විට උන්වහන්සේ 63 වැනි වියෙහි පසුවුණා.

1961 වසරේ ජූලි මස 13 වැනි දින දඹුල්ල දිසා රෝහලේ දී උපත ලද උන්වහන්සේ කුඩා කලදීම ඓතිහාසික රංගිරි – දඹුල්ල රජමහා විහාර මැද පන්සලේ පැවිදි දිවියට එක් ව තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්වැව නම් වූ ග්‍රාමයේ උපත ලද උන්වහන්සේ අපවත් වන විට ඓතිහාසික රංගිරි – දඹුලු රජමහා විහාරයේ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාරත්වය ද දරමින් සිය භික්ෂූත්වය විසින් සිදු කරනු ලැබිය යුතු ශාසනික මෙහෙවර කටයුතු සිදු කළා.

අඹගස්වැවේ රාහුල නාහිමියන් 1982 ජුනි මස 26 වන දින උපසම්පදාව ලබා ගත් අතර; ඓතිහාසික රංගිරි – දඹුලු රජමහා විහාර මැද පන්සල ,අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාමය, ඇතාබැඳි වැව ශ්‍රී බෝධිරුකාරාමය, කිරලගොල්ල විජය ශ්‍රී සුබෝධාරාමය ,පහළ වැව කළුපාලම ශ්‍රී බෝධිරුක්කාරාමය, ඉබ්බන්කටුව ගංගාරාමය, කිරල ගොල්ල අශෝකාරාමය ආදී විහාර ගණයේ විහාරස්ථාන රැසක විහාරාධිපති හිමියන් ලෙස ද උන්වහන්සේ සිය ශාසනික මෙහෙවර වැඩිදුරටත් සිදු කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
10
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
Video thumbnail
ගෙයින් ගෙට ගොස් බෙදන ඡන්ද පත්‍රිකා
01:35
<p>?</p>