රංගිරි දඹුලු විහාරයේ මිණි පහන නිවී යයි

ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලයෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් අද (19) අපවත් වුණා.

උන්වහන්සේ අද පෙරවරුවේ අපවත් වී ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

දේහය පිළිබඳව අවසන් කටයුතු පසුවට දැනුම්දෙන බව විහාරස්ථ දායක සභාව පවසන අතර අපවත් වන විට උන්වහන්සේ 63 වැනි වියෙහි පසුවුණා.

1961 වසරේ ජූලි මස 13 වැනි දින දඹුල්ල දිසා රෝහලේ දී උපත ලද උන්වහන්සේ කුඩා කලදීම ඓතිහාසික රංගිරි – දඹුල්ල රජමහා විහාර මැද පන්සලේ පැවිදි දිවියට එක් ව තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්වැව නම් වූ ග්‍රාමයේ උපත ලද උන්වහන්සේ අපවත් වන විට ඓතිහාසික රංගිරි – දඹුලු රජමහා විහාරයේ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාරත්වය ද දරමින් සිය භික්ෂූත්වය විසින් සිදු කරනු ලැබිය යුතු ශාසනික මෙහෙවර කටයුතු සිදු කළා.

අඹගස්වැවේ රාහුල නාහිමියන් 1982 ජුනි මස 26 වන දින උපසම්පදාව ලබා ගත් අතර; ඓතිහාසික රංගිරි – දඹුලු රජමහා විහාර මැද පන්සල ,අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාමය, ඇතාබැඳි වැව ශ්‍රී බෝධිරුකාරාමය, කිරලගොල්ල විජය ශ්‍රී සුබෝධාරාමය ,පහළ වැව කළුපාලම ශ්‍රී බෝධිරුක්කාරාමය, ඉබ්බන්කටුව ගංගාරාමය, කිරල ගොල්ල අශෝකාරාමය ආදී විහාර ගණයේ විහාරස්ථාන රැසක විහාරාධිපති හිමියන් ලෙස ද උන්වහන්සේ සිය ශාසනික මෙහෙවර වැඩිදුරටත් සිදු කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
10
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21