රංගනයට වසන්තය ගෙන ආ සුසන්තා දැයෙන් සමු ගනියි (වීඩියෝ)

ප්‍රවීණ රංගන ශිල්පනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) කඩුවෙල කොතලාවල පිහිටි ඇයගේ නිවසේ දී සිදු කෙරුණා.

කඩුවෙල – කොතලාවල ගැමුණු පුර පිහිටි කනත්තේ දී ඇයගේ දේහය ආදාහනය කළේ ඇයට ආදරය කළ පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් සියල්ල හඬවමින්.

මෙම අවස්ථාවට කලා තරු රැසක් ද එක් ව සිටියා.

වර්ෂ 1964 පෙබරවාරි මස 21 වැනි දින ඇය හම්බන්තොට දී උපත ලැබුවා.

1986 දී පුංචි තිරයට පිවිසෙන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය මෙරට වේදිකා නාට්‍යය මෙන් ම ටෙලි නාට්‍යයවලින් ද රසිකයින්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ තැනැත්තියක්.

1990 දී කුමරු ලියනගේ සමග අතිනත ගත් ඈ තරුණ පරපුරේ සුප්‍රසිද්ධි නිළියක වන තිසුරි යුවනිකාගේ ආදරණීය මව යි.

පිළිකා රෝගයකින් කලක් පීඩා විඳි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වන විට 61 හැවිරිදි වියෙහි පසුවුණා.

‘කන්දෙ ගෙදර, අහස්, අනන්ත, අයෝමි, ගිරිකුළ, හිමවරුසා’ වැනි ජනප්‍රිය ගණයේ ටෙලි නාට්‍යයවල ප්‍රධාන චරිත පවා හෙබවූ කලා පෞරුෂයෙන් හෙබි නිළියක් වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
0
+1
17
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46