Empty Ad
AFC Banner
Empty Ad

රංගනයට වසන්තය ගෙන ආ සුසන්තා දැයෙන් සමු ගනියි (වීඩියෝ)

ප්‍රවීණ රංගන ශිල්පනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) කඩුවෙල කොතලාවල පිහිටි ඇයගේ නිවසේ දී සිදු කෙරුණා.

කඩුවෙල – කොතලාවල ගැමුණු පුර පිහිටි කනත්තේ දී ඇයගේ දේහය ආදාහනය කළේ ඇයට ආදරය කළ පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් සියල්ල හඬවමින්.

මෙම අවස්ථාවට කලා තරු රැසක් ද එක් ව සිටියා.

වර්ෂ 1964 පෙබරවාරි මස 21 වැනි දින ඇය හම්බන්තොට දී උපත ලැබුවා.

1986 දී පුංචි තිරයට පිවිසෙන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය මෙරට වේදිකා නාට්‍යය මෙන් ම ටෙලි නාට්‍යයවලින් ද රසිකයින්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ තැනැත්තියක්.

1990 දී කුමරු ලියනගේ සමග අතිනත ගත් ඈ තරුණ පරපුරේ සුප්‍රසිද්ධි නිළියක වන තිසුරි යුවනිකාගේ ආදරණීය මව යි.

පිළිකා රෝගයකින් කලක් පීඩා විඳි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වන විට 61 හැවිරිදි වියෙහි පසුවුණා.

‘කන්දෙ ගෙදර, අහස්, අනන්ත, අයෝමි, ගිරිකුළ, හිමවරුසා’ වැනි ජනප්‍රිය ගණයේ ටෙලි නාට්‍යයවල ප්‍රධාන චරිත පවා හෙබවූ කලා පෞරුෂයෙන් හෙබි නිළියක් වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
0
+1
17
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:57
<p>?</p>