මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ
අද (25) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඒ, ඔහුගෙන් ප්රකාශ සටහන් කිරීමෙන් අනතුරුවයි.
රත්මලාන, සිරිමල් උයන ප්රදේශයේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කර තිබෙනවා.
ඔහුව සැකකරුවකු ලෙස නම් කිරීමට ප්රමාණවත් සාක්ෂි සහ කරුණු ඇති බව නීතිපතිවරයා විසින් පසුගිය පෙරේදා (23) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.
එම දැනුම්දීමට අනුවයි සැකකාර යෝෂිත රාජපක්ෂ අද (24) උදෑසන බෙලිඅත්ත ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ වනවිට නඩුකරයක් පවතින සිරිමල් උයන ප්රදේශයේ පිහිටි අදාළ ඉඩමේ ප්රධාන සැකකාරිය ඩේසි ෆොරස්ට් නම් කාන්තාවක්.
ඇය යෝෂිත රජපක්ෂගේ මිත්තණියක් වනවා.