යොවුන් වියේ පසු වූ තරුණියන් දෙදෙනෙකුගේ සිරුරු නිවසක් තුළ එල්ලෙයි (ඡායාරූප)

වයස අවුරුදු 17ක යොවුන් වියේ පසු වූ තරුණියන් දෙදෙනෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටිය දී ඊයේ (16) පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ පිහිටි නිවසක තිබිය දී මොවුන් දෙදෙනාගේ සිරුරු සොයාගත් බවයි කිලිනොච්චිය පොලිසිය පැවසුවේ.

පෙරියපරන්තන් ප්‍රදේශයේ පදිංචිව සිටි සුරේෂ්කුමාර් තනිකේ සහ ලෝගේෂ්වරන් තමිලිනි නමැති තරුණියන් දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

අදාළ මරණයන් සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

“අපගේ මරණයන්ට කිසිවෙකුත් වගකිව යුතු නෑ, අපිට ජීවත්වෙන්න බැරි නිසා අපි මැරෙනවා.මේ තීරණය අපේ තීරණයක්. කවුරුවත් අපි ගැන දුක් වෙන්න එපා. අපි පවුලේ අයට, යාළුවන්ට ගොඩාක් ආදරෙයි. සමාවෙන්න. සුභ ගමන්” යනුවෙන් මෙම තරුණියන් දෙදෙනා ලියූ බවට සැකකෙරෙන ලිපියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Kilinochchi 3
Kilinochchi 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
33
+1
7
+1
5
+1
33
+1
9
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03