Wednesday, December 4, 2024
Empty Ad
AFC Banner

යූන් දැමූ හදිසි යුද නීතිය පැය දෙකක් තුළ හකුළා ගනියි

දකුණු අප්‍රිකාවේ පැනවූ හදිසි යුද නීතිය ඉවත් කර තිබෙනවා.

එරට ජනාධිපති යූන් සුක් යෙයෝල් ඊයේ (03) රාත්‍රියේ දී රට තුළ නිදහස් ධනවාදී ක්‍රමය ආරක්ෂා වීම යැයි පවසමින් හදිසි යුද නීතිය පනවනු ලැබුවා.

නමුත් මෙම තීරණයට දැඩි ලෙස එරට විපක්ෂයෙන් විරෝධතා එල්ල වූ බවයි වාර්තා වූයේ.

මෙවන් තත්ත්වයක් මත දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් පනවනු ලැබූ හදිසි යුද නීතිය අද (04) උදෑසන ඉවත් කර තිබෙනවා.

මෙවන් තත්ත්වයක් මත එරට වැසියන් වීදි බසිමින් යූන් ජනපතිට වහාම ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට බල කර තිබෙන බවත් වාර්තා වනවා.

“උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේගවලින්” රට ආරක්ෂා කර ගැනීමට සහ “රාජ්‍ය විරෝධී කොටස් තුරන් කිරීම” අවශ්‍ය බව පවසමින් ජනාධිපතිවරයා හදිසි යුද නීතිය පැනවූ බවයි ඔහුගේ විශේෂ කතාවේ දී වැඩිදුරටත් සඳහන් කළේ.

නමුත් ඔහුගේ යුද නීතිය ප්‍රකාශ කිරීමෙන් පැය දෙකකටත් අඩු කාලයකට පසු, මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පිටුපා ජාතික සභාවට රැස්වී ඔහුගේ පියවර වැළැක්වීමට ඡන්දය ප්‍රකාශ කළ අතර එම ඡන්දයෙන් ද පැරදුණු ජනපති යූන් හට සිය හදිසි යුද නීතියේ තීන්දුව හකුළා ගැනීමට සිදුවුණා.

යූන් අප්‍රේල් මාසයේ පැවති මහ මැතිවරණයෙන් විපක්ෂය ජයගත් නිසා ඔහුට නීති සම්පාදනය කිරීමේ දී පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිවන්නේ ද නැහැ.

ඔහුගේ හැසීරිම් රටාවට එරෙහිව බොහෝ විට යූන්ට එරෙහිව දෝෂාභියෝගයක් ද ඉදිරිපත් වීමේ ඉඩකඩක් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය 2024- 12 - 04
00:00
Video thumbnail
බිහිසුණු දුම්රිය මෝටර් රථ අනතුර - එකම පවුලේ මව පියා සහ දරු දෙදෙනා අනූ නවයෙන් දිවි බේරා ගනියි
01:42
Video thumbnail
රනිල්ගේ ඉන්දියානු සංචාරයේ සුවිශේෂී අවස්ථා #ranilwickremesinghe #formerpresident
03:57
Video thumbnail
ස්තූතිවන්තවීම ඔබේ ජීවිතයට ආශිර්වාදයක්
07:16
Video thumbnail
පාර්ලිමේන්තු විකාශය සජීවීව
02:56:08
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය කංචන විජේසේකර සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:25
Video thumbnail
රට ආයමත් වැටුණොත් ගොඩගන්න හරි අමාරුයි - එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
03:09
Video thumbnail
බොනස් ඉල්ලපු අයට කංචනගෙන් පිළිතුරු - ආණ්ඩුව දැන් කරන්නේ නීති විරෝධි වැඩක්
05:08
Video thumbnail
ජනවාරි විදුලි බිලට දෙයියන්ගෙම පිහිටයි ද? - කංචනගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
08:52
Video thumbnail
රටේ අමාරුම කාලේ වැඩ පෙන්නපු කංචන
04:46

?