ඩයනාගේ හොර පාස්පෝට් නඩුවේ සාක්ෂි විභාගය ජුලි 31 ඇරඹෙයි

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැති ව රැඳී සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගොනු කරනු ලැබූ නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුලි 31 වැනිදා ආරම්භ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල මහතා දින නියම කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ, මෙලෙස නඩු පවරා ඇත්තේ අංක 531/27, කන්ට්‍රිබෙල්ට් බංගලාව, අමරාගොඩ පාර, හෝකන්දර උතුර පදිංචි ඩයනා ගමගේ හෙවත් නයනා සමන්මලී හෙවත් ඩයනා නටාෂා කැකනදුර නමැත්තියට බවයි.

මෙම සැකකාරියට එරෙහිව ආගමන විගමන පනත ප්‍රකාරව චෝදනා 06ක් යටතේ නඩු 06ක් ගොනු කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් මහතා අධිකරණයට දැනුම් දුන්නා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම සිද්ධියට අදාළව ඇප මත සිටිමින් අද (24) අධිකරණය හමුවේ පෙනී සිටියා.

නඩුව ඊයේ (24) කැඳවනු ලැබු අවස්ථාවේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රාජකාරී නිවාඩු ලබාගෙන තිබීම හේතුවෙන් අද ආරම්භ කිරීමට නියමිතව තිබු නඩු විභාගය ලබන ජුලි 31 වැනි දින සිදු කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පැමිණිල්ලට දන්වා සිටියා.

වර්ෂ 2016ක් වූ ජූලි මස 14 වැනි දින හා වර්ෂ 2017ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ දී ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව රැඳී සිටීම සැකකාරියට එරෙහි පළමු චෝදනාව ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

වර්ෂ 2017ක් වූ ජූලි මස 07 වැනි දින සහ වර්ෂ 2018ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ද වර්ෂ 2018ක් වූ ජූලි මස 17 වැනි දින සහ වර්ෂ 2019ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ දී ද වර්ෂ 2019ක් වූ ජූලි මස 17 වැනි දින හා වර්ෂ 2020ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ දී ද වර්ෂක් වූ 2020 ජූලි මස 17 වැනි දින සිට සහ වර්ෂ 2020ක් වූ නොවැම්බර් මස පළමුවැනි දින අතර කාලය තුළ දී වලංගු වීසා බලපත්‍රයක් නැතිව මෙරට රැඳී සිටීම යන චෝදනා යටතේ නඩු 06ක් ලෙස චෝදනා නඟා තිබෙනවා.

සැකකාරියට එරෙහිව නඟා ඇති හය වැනි චෝදනාව වන්නේ වර්ෂ 2014ක් වූ ජනවාරි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට අංක N5091386 දරන විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට අදාළ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් ආගමන විගමන පනත යටතේ වරදක් සිදු කර ඇති බවටයි.

සැකකාරියගේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය අධිකරණ සේප්පුවේ තැබීමට මුල් අවස්ථාවේ දී නඩුව කැඳවනු ලැබූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අධිකරණ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා.

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ චෝදනා 6කින් යුත් පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14