RCB ට එරෙහිව RRවරු අද තරග බිමට – ප්‍රසාද ලකුණු සටහනේ උඩට ආ මුම්බායිවරු

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ (23) රාත්‍රියේ හයිද්‍රාබාද් නුවර පැවැත්වුණු තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැනට පැමිණීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමු ව පන්දුවට පහර දුන් සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තා.

කණ්ඩායමේ නැංගූරම බවට පත් වූ හයිද්‍රාබාද් හෙන් රිච් ක්ලාසන් ලකුණු 71ක් රැස් කළ අතර අභිනව් මනෝහාර් ලකුණු 43ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී මුම්බායිවරුන් වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 04ක් ද ඩීපාක් චහර්ගෙන් කඩුලු දෙකක් ද ජස්ප්‍රිට් බුම්‍රා හා හර්දික් පාණ්ඩ්‍යාට එක් කඩුල්ල බැගින් ද හිමිවුණා.

ජයග්‍රහණයට ලකුණු 144ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය ජයග්‍රහණය කඩුලු 03ක් පමණක් දැවී තිබියදී ලබාගත්තා.

ඒ පන්දුවාර 16ක් අවසන් වීමට පෙර යි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා ලකුණු 70ක් සහ සූර්‍යයකුමාර් යදව් නොදැවී ලකුණු 40ක් ලබා ගත්තා.

එෂාන් මාලිංග, සීෂන් අන්සරි හා ජයදෙව් උනඩ්කාට් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරගයේ වීරයා සම්මානය ට්‍රෙන්ට් බෝල්ට් දිනාගත්තා.

මේ අතර අද (24) රාත්‍රියේදීත් තවත් තීරණාත්මක තරගයක් පැවැත්වීමට නියමිතයි.

බෙංග්ලාරු හි දී රෝයල්ස් චැලෙන්ජර්ස් බැංග්ලෝර්ට එරෙහිව රාජස්ථාන් රෝයල්ස් තරග වදිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16