හෙට්ටිවීදියේ ළැඟුම්හලක දී කතක් ඝාතනය කර ගමන් මල්ලක දමා ගිය චූදිතයාට මරණ දඬුවම

කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ළැඟුම්හලක දී කාන්තාවක් ඝාතනය කර ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ පිහිටි බස් නැවතුම්පොළේ දමා යෑමේ සිද්ධියට සම්බන්ධ චෝදනාවලට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් අද(24) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

2015 වසරේ ජූලි මස 29 වනදා කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ළැඟුම්හලක දී ධර්මරාජා කාර්තිකා නමැති කාන්තාව ඝාතනය කර ඇයගේ මෘත ශරීරය ගමන් මල්ලක බහා කොළඹ බැස්ටියෙන් මාවතේ පිහිටි බස් නැවතුම්පොළේ දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැට්‍රික් ක්‍රිෂ්ණරාජා නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව සඳහන් කළා.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරු කියා සිටියේ තමන් මෙම චෝදනාවලට නිවැරදිකරු බවයි.

කෙසේවෙතත් විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බැවින් ඔහු එම චෝදනාවලට වරදකරු කරන බවත් ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14