Empty Ad
AFC Banner
Empty Ad

යුනිකෝන් මියගොස් ඇත්තේ වෙඩි වැදීමකින් – පරිසර ඇමති

පොළොන්නරුව – දියබෙදුම පොලිස් වසමේ ඉහකුළුවැව 41 රක්ෂිතයේ මියගොස් සිටියදී සොයාගත් තනි දළයක් සහිත ‘යුනිකෝන්’ නමැති සද්දන්තයාගේ මරණය වෙඩි වැදීමකින් සිදු වූවක් බව පැවසෙනවා.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අද (17) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවේ පසුගිය 15 වැනි දා පමණ මෙම අලියාට කවුරුන් හෝ අයෙක් හෝ පිරිසක් විසින් වෙඩි තබන්නට ඇති බවයි.

වෙඩිවැදී මියගොස් සිටි සද්දන්තයාගේ සිරුර ප්‍රදේශවාසීන් සිදු කළ දැනුම්දීමකට අනුව සොයා ගැනුණා.

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව ද පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය හා කවුඩුල්ල වනෝද්‍යාන සිය නිජබිම ලෙස තබා ගනිමින් සැරිසැරූ යුනිකෝර්න් නම් වූ හස්තියා යි.

40 හැවිරිදි වියෙහි බවට සැක කෙරෙන මෙම ඇතාගේ දකුණු දළය අඩි 04කට ආසන්න අතර උසින් අඩි 8.5ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?