යුධ හමුදා ලොරි රථයක්, ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

දියතලාව යුධ හමුදා කදවුරේ සිට මහනුවර පල්ලෙකැලේ යුධ හමුදා කඳවුර දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයක් අද (10) පෙරවරුවේ බදුල්ල, මහියංගණය මාර්ගයේ තිබිරිගස්පිටිය ප්‍රදේශයේදී, අනතුරකට ලක්ව තිබෙනවා.

එම ලොරි රථය මහියංගණයේ සිට බදුල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

එම අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

යතුරුපැදිකරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇති බවයි වාර්තා වන්නේ.

පල්ලම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ තිරිංග ක්‍රියා විරහිතවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

01 7
1 4 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21