AFC Banner
Empty Ad
Empty Ad

යුද සේවයට රුසියාවට ගිය ලාංකිකයින් ගෙන්වා ගැනීමේ හැකියාව ඇති එකම පුද්ගලයා මම – උදයංග (වීඩියෝ)

රුසියානු යුද සේවයට ගොස් මේ වනවිට අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමේ හැකියාව ඇති එකම පුද්ගලයා තමන් බව රුසියාවේ ශ්‍රී ලංකා හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.

මාධ්‍ය වෙත අද (15) අදහස් දක්වමින් උදයංග වීරතුංග මේ බව සඳහන් කළා.

මෙරටින් යුද සේවයට රුසියාවට ගිය පුද්ගලයින්ගේ දත්ත රුසියාව තුළ ඇති බවත්, එම දත්ත සහ තොරතුරු ලබාගැනීමට හැකියාව ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් කටයුතු කළොත් පමණක් බව ඔහු මෙහිදී පැවසුවා.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රුසියානු දේශසීමාව ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් බහුතරයක් රුසියානු රජයේ මැදිහත්වීමක් මත මෙලෙස යුද සේවයට එක්ව ඇති බවයි.

රුසියානු රජයේ යුද හමුදා කඳවුරක දී ගිවිසුම් ගතවන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට රජයක් ලෙස ශ්‍රී ලංකාව මැදිහත් වුවහොත් හැකියාව පවතින බවයි ඔහු කියා සිටියේ.

මේ අතර රුසියානු යුක්‍රේන යුද්ධය සඳහා අනීතිකව ගොස් සිටි ශ්‍රී ලාංකිකන් 16ක් මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

එමෙන්ම ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කළේ රුසියානු යුක්‍රේන යුද්ධයට ගොස් ඇති ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රුසියානු තානාපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?