යුද සේවයට රුසියාවට ගිය ලාංකිකයින් ගෙන්වා ගැනීමේ හැකියාව ඇති එකම පුද්ගලයා මම – උදයංග (වීඩියෝ)

රුසියානු යුද සේවයට ගොස් මේ වනවිට අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමේ හැකියාව ඇති එකම පුද්ගලයා තමන් බව රුසියාවේ ශ්‍රී ලංකා හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.

මාධ්‍ය වෙත අද (15) අදහස් දක්වමින් උදයංග වීරතුංග මේ බව සඳහන් කළා.

මෙරටින් යුද සේවයට රුසියාවට ගිය පුද්ගලයින්ගේ දත්ත රුසියාව තුළ ඇති බවත්, එම දත්ත සහ තොරතුරු ලබාගැනීමට හැකියාව ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් කටයුතු කළොත් පමණක් බව ඔහු මෙහිදී පැවසුවා.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රුසියානු දේශසීමාව ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් බහුතරයක් රුසියානු රජයේ මැදිහත්වීමක් මත මෙලෙස යුද සේවයට එක්ව ඇති බවයි.

රුසියානු රජයේ යුද හමුදා කඳවුරක දී ගිවිසුම් ගතවන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට රජයක් ලෙස ශ්‍රී ලංකාව මැදිහත් වුවහොත් හැකියාව පවතින බවයි ඔහු කියා සිටියේ.

මේ අතර රුසියානු යුක්‍රේන යුද්ධය සඳහා අනීතිකව ගොස් සිටි ශ්‍රී ලාංකිකන් 16ක් මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

එමෙන්ම ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කළේ රුසියානු යුක්‍රේන යුද්ධයට ගොස් ඇති ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රුසියානු තානාපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02