යුද ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 160,000 වැඩි දෙනෙක් කුසගින්නේ

පාකිස්තානය ප්‍රහාර උත්සන්න කිරීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ ආධාර ආයතනයට වැඩ අත්හිටුවීමට බල කෙරී තිබෙනවා.

දේශසීමාව දිගේ ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම් මගින් ආරම්භ වූ දෙරට අතර ගැටුම බ්‍රහස්පතින්දා හත්වන දිනට පිවිසිණා.

ලෝක ආහාර වැඩසටහන අනතුරු ඇඟවූයේ ගැටුම ඇෆ්ගනිස්ථානයේ දැනටමත් දරුණු මානුෂීය අර්බුදය, විශේෂයෙන් දේශසීමා කලාපවල නරක අතට හැරෙමින් පවතින බවයි.

හදිසි ආහාර ආධාර බෙදා හැරීම අත්හිටුවීම 160,000 කට ආසන්න පිරිසකට බලපානු ඇති බව එක්සත් ජාතීන්ගේ ආයතනය පැවසූ අතර, ගුවන් ප්‍රහාර සහ භූමි ගැටුම් නුරිස්තාන්, ලග්මන්, කුනාර්, නන්ගර්හාර්, පක්ටිකා, පක්ටියා, කොස්ට්, කන්දහාර්, හෙල්මන්ඩ් සහ සාබුල් පළාත්වල දිස්ත්‍රික්ක 46 කට බලපා ඇතැයි සඳහන් කළා

පවතින මානුෂීය අර්බුදය හේතුවෙන් බලපෑමට ලක් වූ පළාත්වලින් අවම වශයෙන් හතරක් බරපතල මන්දපෝෂණ මට්ටම්වලට මුහුණ දී ඇති බවත්, ගැටුම්වලට හසු වූ දිස්ත්‍රික්කවලින් අඩකට වඩා “හදිසි කුසගින්න මට්ටම්” අත්විඳින බවත් එක්සත් ජාතීන්ගේ ආයතනය වැඩිදුරටත් පවසා සිටියා.

පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර කැකෑරෙන ගැටුම පසුගිය සතියේ නැවතත් පුපුරා ගියේ පාකිස්තානය ත්‍රස්තවාදී පහසුකම් යැයි කියා සිටි ස්ථාන වෙත දේශසීමාව හරහා ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ කතාවට විමල් රිදෙන්නම දෙයි
06:36
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි..මම කිව්වේ නෑනේ අවු: 5 - 6 අත දරුවෝ කියලා
02:54
Video thumbnail
හරි අම්මට ජාතක වෙලා තියෙනවා නම් හොරකම ඔප්පු කරලා පෙන්නන්න
08:19
Video thumbnail
I am Dr. Archuna..I am from Hundu..අර්චුනා හුන්ඩුව ගැන කිව්ව සැර කතාව
03:27
Video thumbnail
"IRIS Dena" නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දසුන් පෙළක්
01:24
Video thumbnail
රනිල්ට එක නීතියක් කුමාරට එක නීතියක්..දයාසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි
07:24
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
04:47
Video thumbnail
එංගලන්තයට ගිහින් වෙච්ච දේ නාමල් කියයි..මේක මාතෘ භූමියක් විදියට සලකන්නේ..හුන්ඩුවක් වගේ නෙවෙයි
02:00
Video thumbnail
විපක්ෂයේ චෝදනාවලට කොට්ටහච්චි තිත තියයි
09:52
Video thumbnail
ජනතාව ඇපයට තියලා රට වට්ටන්න අපි සූදානම් නෑ
04:57