මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය මැඩපැවැත්වා, සාමය සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගනිමින් චීනය සහ පාකිස්ථානය එක්ව කරුණු පහකින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.
චීනයේ, බීජිංහි සංචාරයක නිරතව සිටින පකිස්ථාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් ගල්ෆ් සමඟ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව මෙම කරුණු පහකින් සමන්විත යෝජනාවලිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එම යෝජනාවලියට ඇතුළත් කරුණු 05 පහතින්,
- ගැටුම් පැතිරීම වැළැක්වීමට, සතුරුකම් වහාම නතර කරන ලෙස සහ උත්සාහ කරන ලෙස
- ඉරානයේ සහ ගල්ෆ් රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සහතික කරන අතරම, සාම සාකච්ඡා හැකි ඉක්මනින් ආරම්භ කිරීම සහ මෙම සාකච්ඡා ආරම්භ කිරීමේදී සියලු පාර්ශවයන්ට දෙරටේම සහාය ලබාදීම
- සිවිල් වැසියන්ට සහ මිලිටරි නොවන ඉලක්කවලට එල්ල වන ප්‍රහාර අවසන් කිරීම
- හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය සුරක්ෂිත කිරීම
- එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව පුළුල් සාම රාමුවක් ස්ථාපිත කිරීම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
1
+1
1
+1
+1













