යුගදනවී බලාගාරයේ ගැටළු ලංකාවේදී විසඳන්න බැරි හැඩක්

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ පැන නගින ගැටලුමය තත්ත්වයන් සමථයකට ගෙනඒම සඳහා බලාත්මක වන්නේ එංගලන්ත නීතිය බව එම ගිවිසුමේ සඳහන් ව ඇති බව වාර්තා වනවා.

එම ගිවිසුමේ රහස්‍යභාවය හා ප්‍රකාශනය පිළිබඳ කරුණු ඇතුළත් 13.1 (a) වගන්තියේ දැක්වෙන්නේ ගිවිසුම අත්සන් කර වසර 02ක් ගතවන තුරු ඊට අදාළ කිසිදු පාර්ශ්වයක්, අනෙක් පාර්ශ්වයේ ලිඛිත අවසරයකින් තොරව ගිවිසුමෙහි කොන්දේසි සහ හුවමාරු කරගත් වෙනත් කිසිදු ලියකියවිල්ලක් හෝ ඊට අදාළ කරුණු හෙළි නොකළ යුතුය යන්නයි.

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් අමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට පසුගිය සැප්තැම්බර් 17වනදා අත්සන් තැබූ බව රජය නිවේදනය කළේ.

13.3 වගන්තියට අනුව කිසිදු පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයේ ලිඛිත කැමැත්තකින් තොරව ගිවිසුම සම්බන්ධයෙන් වූ අදහස් හුවමාරු කරගැනීම, කොන්දේසි පිළිබඳ පුවත්පත් නිවේදන හෝ වෙනයම් හෝ නිවේදන නොකළ යුතු බවයි.

එවන් පසුබිමක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එම ගිවිසුමේ පිටපතක් ඊයේ පාර්ලිමේන්තුවේදී සභාගත කරනු ලැබුවා.

කෙසේවෙතත් දේශපාලන පක්ෂ ඇතුළු වෘත්තීය සමිති ඉල්ලා සිටියේ හෙළි නොකරන ලද එම ගිවිසුම හෙළි කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ලොකු සෙනඟක් මැච් එක බලන්න ඇවිත්..
01:24
Video thumbnail
අනවසර, තාවකාලික නිවෙස්වලට වෙන්න යන දේ මෙන්න..ජනාධිපති කිව්ව දේ
13:23
Video thumbnail
හැමදේකටම නායකයෝ යන්න ඕනි නෑ..රනිල්ට කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නෑ
04:38
Video thumbnail
UNP හමුවෙන් පසු පාක්ෂිකයින් කිව්ව දේ..දෙගොල්ලෝම එකතු වෙනවා..එකතු වෙනවා
03:55
Video thumbnail
නාවලපිටියේ දැඩි උණුසුම් තත්ත්වයක්..කඩ හිමියන් කුපිත වෙයි
10:11
Video thumbnail
අලි වෙනුවෙන් පෙරට ඇවිත් පාර්ලිමේන්තුවම උණුසුම් කළ චාමර.."දිගටම ගියොත් රටේ අලි ඉතුරු වෙන්නේ නෑ"
09:04
Video thumbnail
චාමර සම්පත් - පරිසර ඇමති පාර්ලිමේන්තුවේ පැටලෙයි.."චාමර සම්පත් වලිගේ පාගගෙන..ජනතාව නොමඟ යවන්න එපා"
04:42
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 07.01.2026
08:08:52
Video thumbnail
මල්ලකුත් උස්සන් අධිකරණයට එන ඩුබ්ලිකේට් ඉෂාරා..
02:01
Video thumbnail
ප්‍රසාද් සර් කුපිත වී වටේටම දෙසයි.."ඇමති කැන්ටිමේ හිටියනේ ඇවිත් උත්තර දෙන්න"
11:12


?