යුගදනවී බලාගාරයේ ගැටළු ලංකාවේදී විසඳන්න බැරි හැඩක්

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ පැන නගින ගැටලුමය තත්ත්වයන් සමථයකට ගෙනඒම සඳහා බලාත්මක වන්නේ එංගලන්ත නීතිය බව එම ගිවිසුමේ සඳහන් ව ඇති බව වාර්තා වනවා.

එම ගිවිසුමේ රහස්‍යභාවය හා ප්‍රකාශනය පිළිබඳ කරුණු ඇතුළත් 13.1 (a) වගන්තියේ දැක්වෙන්නේ ගිවිසුම අත්සන් කර වසර 02ක් ගතවන තුරු ඊට අදාළ කිසිදු පාර්ශ්වයක්, අනෙක් පාර්ශ්වයේ ලිඛිත අවසරයකින් තොරව ගිවිසුමෙහි කොන්දේසි සහ හුවමාරු කරගත් වෙනත් කිසිදු ලියකියවිල්ලක් හෝ ඊට අදාළ කරුණු හෙළි නොකළ යුතුය යන්නයි.

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් අමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට පසුගිය සැප්තැම්බර් 17වනදා අත්සන් තැබූ බව රජය නිවේදනය කළේ.

13.3 වගන්තියට අනුව කිසිදු පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයේ ලිඛිත කැමැත්තකින් තොරව ගිවිසුම සම්බන්ධයෙන් වූ අදහස් හුවමාරු කරගැනීම, කොන්දේසි පිළිබඳ පුවත්පත් නිවේදන හෝ වෙනයම් හෝ නිවේදන නොකළ යුතු බවයි.

එවන් පසුබිමක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එම ගිවිසුමේ පිටපතක් ඊයේ පාර්ලිමේන්තුවේදී සභාගත කරනු ලැබුවා.

කෙසේවෙතත් දේශපාලන පක්ෂ ඇතුළු වෘත්තීය සමිති ඉල්ලා සිටියේ හෙළි නොකරන ලද එම ගිවිසුම හෙළි කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19