යුක්‍රේන යුද්ධය නැවැත්වීමට අමෙරිකාවේ අත පෙවීමෙන් සාකච්ඡා

රුසියානු – යුක්‍රේන යුද ගැටුම් නතර කිරීම පිණිස සිදු කෙරෙන පූර්ව සාකච්ඡාවක් ලෙස ඇතැමුන් නිර්වචනය කර ඇති එක්සත් ජනපදයේ සහ රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙපළක් අද (18) රියාද් හි ඩිරියා මාලිගයේ දී මුණගැසුණා.

අල් ජසීරා පුවත් සේවයට අනුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙලෙස හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡා මේ මස අග දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර නිල හමුවකට ද තුඩු දිය හැකි බවට ද දේශපාලනික ආරංචි මාර්ග පවසනවා.

වසර තුනකට පෙර ක්‍රෙම්ලිනය විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දෙරට අතර පළමු ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා යි මෙලෙස එක්සත් ජනපද සහ රුසියානු නිලධාරීන් සෞදි අරාබියේ දී හමුවූයේ.

යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමට මාර්ගයක් සොයා ගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු වුව ද,
එම සාකච්ඡාවලට කියෙව් හෝ යුරෝපීය නියෝජිතයන් සම්බන්ධ වී නැති බවත් පැවසෙනවා.

පැය හතරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලට යුක්රේන හෝ යුරෝපීය නිලධාරීන් නොපැමිණි බවත් සඳහන්.

මෙම යුද්ධය තවදුරටත් දිගු වුවහොත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ දී යුක්‍රේනයට ආධාර මුදල් අවසන් වීමට හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44