AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේන ජනපතිගෙන් නේටෝ සංවිධානයට ප්‍රබල විවේචනයක්

යුක්රේන ආක්‍රමණයේ නිරත රුසියානු හමුදා මරියුපොල් වරාය නගරයේ සහ වොල්නොවකා ප්‍රදේශයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි සිටින ජනතාවට ඉවත්වන ලෙස දැනුම්දී තිබෙනවා.

එය, මානුෂිය වේදිකාවක් ලෙසයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය හඳුන්වා ඇත්තේ. රුසියානු වේලාවෙන් අද පෙරවරු 10 සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මකයි.

ඊට පෙර රුසියානු හමුදා මරියුපොල් වරාය නගරය වටලා එය වෙත සිදුකෙරෙන විදුලි ආහාර, ජල උණුසුම්කරණ හා ප්‍රවාහන පහසුකම් කපා හරිනු ලැබුවා. එය නාසි හමුදා ලෙනින්ග්‍රෑඩය වැටලීමටයි ඇතමුන් සම කරන්නේ.

මේ අතර යුක්රේනයේ බලශකති අවශ්‍යතාවයන්ගෙන් 50%ක් සපුරාලන සැපරීෂියා බලාගාරය වෙත එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් ඊයේ එම බලාගාරය වසාදමා තිබෙනවා. මේ වනවිට බලාගාරය පවතින්නේ රුසියානු හමුදා පාලනයේයි.

අඛණ්ඩව දසවැනි දිනටත් රුසියානු හමුදාව විසින් යුක්රේනයට ප්‍රහාර එල්ල කෙරුණා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රුසියානු හමුදාව විසින් යුක්රේනයේ දකුණු දිග ප්‍රදේශවලත් පාලන බලය අත්පත් කර ගනිමින් සිටින බවයි.

පවතින තත්ත්වය හමුවේ යුක්රේනයේ සිටින මිලියනයකට අධික ජනකායක් පෝලන්තය ඇතුලු අසල්වැසි රාජ්‍යයන් වෙත පලායමින් සිටිනවා.

රුසියානු හමුදා ආක්‍රමණ හමුවේ යුක්රේනයේ කිව් අගනගරයට අද අත්වී ඇති ඉරණම ඛේදනීයයි.

යුක්රේන ජනපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි යළිත් වරක් බටහිර රටවල් සිය විවේචනයට ලක්කළා.විශේෂයෙන් යුක්රේන ගුවන් සීමාවේ තහනම් කලාපයක් ක්‍රියාත්මක කිරීම සඳහා නේටෝ සංවිධානයේ රටවල සහය නොදක්වන බවටයි ඔහු චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් රුසියානු බෝම්බ ප්‍රහාරවලින් තවදුරටත් එරට ජනතාව මිය යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නේටෝ සංවිධානයේ සෑම රටක්ම යුරෝපයේ නිදහස වෙනුවෙන් සටන් කිරීමට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවයි යුක්රේන ජනපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?