යුක්රේන ජනපතිගෙන් නේටෝ සංවිධානයට ප්‍රබල විවේචනයක්

යුක්රේන ආක්‍රමණයේ නිරත රුසියානු හමුදා මරියුපොල් වරාය නගරයේ සහ වොල්නොවකා ප්‍රදේශයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි සිටින ජනතාවට ඉවත්වන ලෙස දැනුම්දී තිබෙනවා.

එය, මානුෂිය වේදිකාවක් ලෙසයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය හඳුන්වා ඇත්තේ. රුසියානු වේලාවෙන් අද පෙරවරු 10 සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මකයි.

ඊට පෙර රුසියානු හමුදා මරියුපොල් වරාය නගරය වටලා එය වෙත සිදුකෙරෙන විදුලි ආහාර, ජල උණුසුම්කරණ හා ප්‍රවාහන පහසුකම් කපා හරිනු ලැබුවා. එය නාසි හමුදා ලෙනින්ග්‍රෑඩය වැටලීමටයි ඇතමුන් සම කරන්නේ.

මේ අතර යුක්රේනයේ බලශකති අවශ්‍යතාවයන්ගෙන් 50%ක් සපුරාලන සැපරීෂියා බලාගාරය වෙත එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් ඊයේ එම බලාගාරය වසාදමා තිබෙනවා. මේ වනවිට බලාගාරය පවතින්නේ රුසියානු හමුදා පාලනයේයි.

අඛණ්ඩව දසවැනි දිනටත් රුසියානු හමුදාව විසින් යුක්රේනයට ප්‍රහාර එල්ල කෙරුණා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රුසියානු හමුදාව විසින් යුක්රේනයේ දකුණු දිග ප්‍රදේශවලත් පාලන බලය අත්පත් කර ගනිමින් සිටින බවයි.

පවතින තත්ත්වය හමුවේ යුක්රේනයේ සිටින මිලියනයකට අධික ජනකායක් පෝලන්තය ඇතුලු අසල්වැසි රාජ්‍යයන් වෙත පලායමින් සිටිනවා.

රුසියානු හමුදා ආක්‍රමණ හමුවේ යුක්රේනයේ කිව් අගනගරයට අද අත්වී ඇති ඉරණම ඛේදනීයයි.

යුක්රේන ජනපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි යළිත් වරක් බටහිර රටවල් සිය විවේචනයට ලක්කළා.විශේෂයෙන් යුක්රේන ගුවන් සීමාවේ තහනම් කලාපයක් ක්‍රියාත්මක කිරීම සඳහා නේටෝ සංවිධානයේ රටවල සහය නොදක්වන බවටයි ඔහු චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් රුසියානු බෝම්බ ප්‍රහාරවලින් තවදුරටත් එරට ජනතාව මිය යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නේටෝ සංවිධානයේ සෑම රටක්ම යුරෝපයේ නිදහස වෙනුවෙන් සටන් කිරීමට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවයි යුක්රේන ජනපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46