යුක්‍රේනයේ සිටින ඉන්දීය සිසුන්ට නරේන්ද්‍ර සිං මෝදි දුන් විශේෂ නිවේදනය

යුක්‍රේනයේ කාර්කිව් නගරයේ සිටින සිරවී සිටින ඉන්දියානු සිසු සිසුවියන්ට හැකි ඉක්මණින් එම නගරයෙන් ඉවත්වන ලෙස දැනුම්දී තිබේ.

යුක්‍රේනයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය විසින් මෙම දැනුම්දීම කර ඇත.

අද සවස 6ට පෙර ඔවුන්ට එම නගරයෙන් ඉවත්වන ලෙසද බලධාරීන් දැනුම්දී තිබේ.

මේ අතර ඊයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යුරෝපීය කවුන්සිලයේ ප්‍රධානී චාල්ස් මිචෙල් සමඟ දුරකතන සංවාදයක යෙදී තිබේ.

එහිදී ඉන්දීය අගමැතිවරයා දන්වා ඇත්තේ දෙපාර්ශවය අතර ගැටුම් නවතා සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?