යුක්රේනයේ කොටුවී සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ජා අරඹයි

යුක්‍රේනයේ කොටු වී සිටින ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස පෝලන්තය හරහා මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡා කළ බව, අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

තුර්කි, ජෝර්ජියා සහ යුක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර් හසන් පැවසුවේ, දේශ සීමා බලධාරීන්ට එම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි.

මේ අතර, යුක්‍රේනයේ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සදහා විශේෂ දුරකතන අංක 2 ක් ක්‍රියාත්මකයි.

විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවයි.

ඒ අනුව, +90 534 456 94 98 හෝ +90 312 427 10 32 යන දුරකතන අංක ඔස්සේ තානාපති කාර්යාලය තොරතුරු දැනගැනීමටත්, තොරතුරු දැනුම් දීමටත් හැකි වේ.

යුක්‍රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් එහි රැඳී සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නැයි අන්කාරාහා පිහිටි තානාපති කාර්යාලයට දැනුම් දී ඇතැයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?