යුක්රේනයේ කොටුවී සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ජා අරඹයි

යුක්‍රේනයේ කොටු වී සිටින ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස පෝලන්තය හරහා මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡා කළ බව, අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

තුර්කි, ජෝර්ජියා සහ යුක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර් හසන් පැවසුවේ, දේශ සීමා බලධාරීන්ට එම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි.

මේ අතර, යුක්‍රේනයේ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සදහා විශේෂ දුරකතන අංක 2 ක් ක්‍රියාත්මකයි.

විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවයි.

ඒ අනුව, +90 534 456 94 98 හෝ +90 312 427 10 32 යන දුරකතන අංක ඔස්සේ තානාපති කාර්යාලය තොරතුරු දැනගැනීමටත්, තොරතුරු දැනුම් දීමටත් හැකි වේ.

යුක්‍රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් එහි රැඳී සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නැයි අන්කාරාහා පිහිටි තානාපති කාර්යාලයට දැනුම් දී ඇතැයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39