අයිරිස් ඩෙනා නෞකාවේ සිට මියගිය ගණන 100 ඉක්මවයි

පසුගිය සතියේ ඇමරිකානු ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවක් වන අයිරිස් ඩෙනා හි මණ්ඩල සාමාජිකයින් 104 දෙනෙකු මිය ගොස් තවත් 32 දෙනෙකු තුවාල ලැබූ බව ඉරාන හමුදාව ඊයේ (08) ප්‍රකාශ කළා.

ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA ට අනුව,පසුගිය 04 වන දින ඉන්දියාවේ පැවති නාවික අභ්‍යාසවලින් අනතුරුව ආපසු යමින් සිටියදී ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී එක්සත් ජනපද නාවික හමුදාව විසින් නෞකාවට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

එහිදී තුවාල ලබා සිටි 32 දෙනෙක් බේරාගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටි 22 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටත්කර යවා තිබෙනවා.

මේ අතර අයිරිස් ඩෙනා නෞකාවේ සිට මියගිය බව කියන පුද්ගලයින් 84 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාව ලැබුණා.

එම මෘත දේහයන් පිළිබඳ පශ්චත් මරණ පරීක්ෂණ කටයුතු පසුගියදා කරාපිටිය රෝහලේදී සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38