යුක්‍රේනයට ආධාර දීම අමෙරිකාව නවතා දමයි

වසර තුනකට ආසන්න කාලයක සිට රුසියානු – යුක්‍රේනයට යුද්ධයට මිලිටරි නැතහොත් යුද ආධාර ලබා දුන් අමෙරිකාව එය නතර කිරීමට තීරණය කර තිබෙනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කරන පරිදි එරට වේලාවෙන් අද (04) දිනයේ දී ධවල මන්දිරය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

යුක්රේනයේ හමුදා ආධාර අත්හිටුවීමේ තීරණයට ප්‍රතිචාර වශයෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔහු පවසන්නේ එක්සත් ජනපදය රුසියානුවන් සාකච්ඡා මේසයට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

රූබියෝ වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙවැන්නක්;

යුක්රේනයේ යුද්ධයට කල් පවතින හා කල් පවතින අවසානයක් ගෙන ඒමට පවා අවස්ථාවක් ඇති ලෝකයේ එකම නායකයා ජනාධිපති ට්‍රම්ප්.අපිට රුසියානුවන් සාකච්ඡා මේසයකට ගෙන ඒමට අවශ්‍යයි. සාමය ඇති කළ හැකිද යන්න අපට සොයා බැලීමට අවශ්‍යයි..’‘ යනුවෙන්.

පසුගිය සිකුරාදා දිනයේ දී ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි හමුවේ දී සෙලෙන්ස්කිට ධවල මන්දිරයෙන් පිටව යාමට සිදු වූයේ දැඩි උණුසුම් සංවාදයකින් අනතුරුවයි.

පසුව සෙලෙන්ස්කි යුරෝපා නායකයින් හමු වූ අතර බ්‍රිතාන්‍යය අගමැති ඇතුළු යුරෝපා නායකයින් 18 දෙනෙකු යුක්‍රේනයට ආධාර ලබාදීමට පෙනී සිටින බව ප්‍රකාශ කළා.

එම ප්‍රකාශයෙන් අනතුරුවයි ට්‍රම්ප් මෙම දැඩි තීන්දුව ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?