යුක්‍රේනයට ආධාර දීම අමෙරිකාව නවතා දමයි

වසර තුනකට ආසන්න කාලයක සිට රුසියානු – යුක්‍රේනයට යුද්ධයට මිලිටරි නැතහොත් යුද ආධාර ලබා දුන් අමෙරිකාව එය නතර කිරීමට තීරණය කර තිබෙනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කරන පරිදි එරට වේලාවෙන් අද (04) දිනයේ දී ධවල මන්දිරය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

යුක්රේනයේ හමුදා ආධාර අත්හිටුවීමේ තීරණයට ප්‍රතිචාර වශයෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔහු පවසන්නේ එක්සත් ජනපදය රුසියානුවන් සාකච්ඡා මේසයට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

රූබියෝ වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙවැන්නක්;

“යුක්රේනයේ යුද්ධයට කල් පවතින හා කල් පවතින අවසානයක් ගෙන ඒමට පවා අවස්ථාවක් ඇති ලෝකයේ එකම නායකයා ජනාධිපති ට්‍රම්ප්.අපිට රුසියානුවන් සාකච්ඡා මේසයකට ගෙන ඒමට අවශ්‍යයි. සාමය ඇති කළ හැකිද යන්න අපට සොයා බැලීමට අවශ්‍යයි..’‘ යනුවෙන්.

පසුගිය සිකුරාදා දිනයේ දී ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි හමුවේ දී සෙලෙන්ස්කිට ධවල මන්දිරයෙන් පිටව යාමට සිදු වූයේ දැඩි උණුසුම් සංවාදයකින් අනතුරුවයි.

පසුව සෙලෙන්ස්කි යුරෝපා නායකයින් හමු වූ අතර බ්‍රිතාන්‍යය අගමැති ඇතුළු යුරෝපා නායකයින් 18 දෙනෙකු යුක්‍රේනයට ආධාර ලබාදීමට පෙනී සිටින බව ප්‍රකාශ කළා.

එම ප්‍රකාශයෙන් අනතුරුවයි ට්‍රම්ප් මෙම දැඩි තීන්දුව ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14