යාල කැලේ යකා නැටූ පිරිසට තුන්වසරක් ගතවන තෙක් දඬුවමක්

යාල වනෝද්‍යානය තුළ වන සතුන්ට හිංසාවන අයුරින් හැසිරුණු පුද්ගලයින් සහ එම වාහනවලට ශ්‍රී ලංකාව තුළ කිසිදු වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

වසර තුනක් යනතුරු ඔවුන්ට මෙම තහනම පනවන බවයි වනජීවි දෙපාර්තමේතුව සඳහන් කළේ.

අමාත්‍යවරයාගේ නියෝගයකට අනුව වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මෙම සිදුවීමට සම්බන්ධ වාහන හා පුද්ගලයින් කඩිනමින් හඳුනාගැනීම හා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කිරීම, එම වාහන හා පුද්ගලයින් සම්බන්ධ තිබෙන තොරතුරුවලට අමතරව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු, ඡායාරූප හා වීඩියෝ දර්ශනවල ඇතුළත් තොරතුරු ද සැළකිල්ලට ගැනීම.

මෙම පිරිස සමඟ වනෝද්‍යානයට ඇතුල්වීමට සහාය වීම සඳහා කටයුතු කළ නිලධාරි පිරිස එම කටයුතු වළක්වා ගැනීමට උත්සාහ නොකිරීම, ඉහළ නිලධාරින් දැනුම්වත් නොකිරීම හේතුවෙන් විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔවුන් වැඩ තහනමට ලක් කිරීම.

විමර්ශන කටයුතුවලට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා මඟින් ලිපියක් යොමු කිරීම.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සහ සියලු වාහනවලට වසර 03ක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිඳු ජාතික වනෝද්‍යානයකට ඇතුළත් නොකිරීමට ඔවුන් හා වාහන අසාදු ලේඛනයට ඇතුළත් කිරීම.

මින් ඉදිරියට ජාතික වනෝද්‍යාන තුළ වනසතුන්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම.

වනෝද්‍යානය තුළ වනසතුන්ට හිංසා නො වන පරිදි හැසිරීම සම්බන්ධව දෙස් විදෙස් සංචාරක කණ්ඩායම්වලට දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකාවක් නිකුත් කිරීම.

යන තීරණ අදාළ සකච්ඡාවේදී ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57