spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාල කැලේ යකා නැටූ පිරිසට තුන්වසරක් ගතවන තෙක් දඬුවමක්

යාල වනෝද්‍යානය තුළ වන සතුන්ට හිංසාවන අයුරින් හැසිරුණු පුද්ගලයින් සහ එම වාහනවලට ශ්‍රී ලංකාව තුළ කිසිදු වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

වසර තුනක් යනතුරු ඔවුන්ට මෙම තහනම පනවන බවයි වනජීවි දෙපාර්තමේතුව සඳහන් කළේ.

අමාත්‍යවරයාගේ නියෝගයකට අනුව වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මෙම සිදුවීමට සම්බන්ධ වාහන හා පුද්ගලයින් කඩිනමින් හඳුනාගැනීම හා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කිරීම, එම වාහන හා පුද්ගලයින් සම්බන්ධ තිබෙන තොරතුරුවලට අමතරව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු, ඡායාරූප හා වීඩියෝ දර්ශනවල ඇතුළත් තොරතුරු ද සැළකිල්ලට ගැනීම.

මෙම පිරිස සමඟ වනෝද්‍යානයට ඇතුල්වීමට සහාය වීම සඳහා කටයුතු කළ නිලධාරි පිරිස එම කටයුතු වළක්වා ගැනීමට උත්සාහ නොකිරීම, ඉහළ නිලධාරින් දැනුම්වත් නොකිරීම හේතුවෙන් විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔවුන් වැඩ තහනමට ලක් කිරීම.

විමර්ශන කටයුතුවලට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා මඟින් ලිපියක් යොමු කිරීම.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සහ සියලු වාහනවලට වසර 03ක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිඳු ජාතික වනෝද්‍යානයකට ඇතුළත් නොකිරීමට ඔවුන් හා වාහන අසාදු ලේඛනයට ඇතුළත් කිරීම.

මින් ඉදිරියට ජාතික වනෝද්‍යාන තුළ වනසතුන්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම.

වනෝද්‍යානය තුළ වනසතුන්ට හිංසා නො වන පරිදි හැසිරීම සම්බන්ධව දෙස් විදෙස් සංචාරක කණ්ඩායම්වලට දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකාවක් නිකුත් කිරීම.

යන තීරණ අදාළ සකච්ඡාවේදී ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?