Empty Ad
AFC Banner
Empty Ad

යාපනයේ හඳුනානොගත් වෛරසයේ අනන්‍යතාව හෙළිවෙයි – මියගිය පුද්ගලයින්ට මී උණ ! (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ හඳුනා නොගත් වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ මරණයට හේතුව මී උණ (ලෙප්ටොස්පයිරා-Leptospira) බවට තහවුරු වී තිබෙනවා.

අද (12) පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය තුෂාණි දාබරේ මහත්මිය මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ; මියගිය පුද්ගලයින්ගේ සිරුරේ රුධිර සාම්පල මහනුවර ශික්ෂණ රෝහලේ රසායනාගාර පරීක්ෂණවලින් ඒ බව තහවුරු වී ඇති බවයි.

අදාළ උණ රෝගය වැළඳී මියගිය පුද්ගලයින් 07 දෙනාගෙන් කිහිපදෙනෙකුගේ රුධිර සාම්පලවල මී උණ වෛරසය අඩංගු වී ඇති බවටයි හෙළි ව ඇත්තේ.

මීට පෙර වෛද්‍ය අංශ සැක පළ කළේ මෙම වෛරසය මී උණ හෝ ඉන්ෆ්ලුවෙන්සා රෝගය විය හැකි බවටයි.

මෙම රෝගීන් හත් දෙනාම ශ්වසන අපහසුතා හේතුවෙන් මියගොස් තිබුණා.

මියගිය පිරිසෙන් හයදෙනෙකු යාපනය රෝහලේදිත් තවත් එක් අයෙකු මුලතිව් රෝහලේදිත් මියගොස් ඇති බවයි වාර්තා වූයේ.

මී උණ රෝගය ආසාදනය වන්නේ මී ගවයින්ගේ හෝ මීයන්ගේ මළමුත්‍ර ජලයට එක්වීමෙන් ඒවා මිනිස් ශරීරයේ ඇති තුවාල හෝ සීරිම් මගින් බවයි වෛද්‍ය අංශ පවසන්නේ.

එහි රෝග ලක්ෂණ ලෙස ඇඟපත රුදාව, හිසේ රුදාව, ඇස් රතුවීම ආදිය පෙන්වාදිය හැකි බැවින් එම රෝග ලක්ෂණවලින් යම් කිසිවෙකු පෙළෙන්නේ නම් වහාම රජයේ රෝහලක් වෙත යොමු වන ලෙසට ද වෛද්‍ය අංශ ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
3
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කතාව කරන අතරතුර හොඳටම තදවුණු අන්කල් සැරටම බැනපු හැටි
02:31
Video thumbnail
ජනපති අනුර තිස්සමහරාම රැලියේ රටටම හෙළිකරපු දේ
18:11
Video thumbnail
සුපුරුදු ස්වරයෙන් ජනපති තිස්සමහරාමය සැරටම අමතපු හැටි
10:31
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන තිස්සමහරාම ජනතා රැලිය - සජීවීව
02:13:36
Video thumbnail
උණුසුම් පිළිගැනීමක් මැද එකපාරටම අනුර තිස්සමහරාම වේදිකාවට ගොඩවෙයි
00:55
Video thumbnail
අඩුවක් නැතිව සෙනග පිරුණු මාලිමාවේ රැලිය දෙවනත් කරපු අපේක්ෂිකාව
07:47
Video thumbnail
වෛද්‍යවරයෙකුට කළ අහස පොළොව නුහුලන වැඩක්
10:58
Video thumbnail
අලිමංකඩ ලුණු ලේවායත් රන් අකුරින් ලියන්නට සුදානම්
09:39
Video thumbnail
උතුම් ශ්‍රී දළදා දැක්මට සියල්ල සූදානම්
00:35
Video thumbnail
පුංචි ඡන්දෙ ගොඩදාගන්න වැඩේට බැහැපු සජිත් ඇක්ෂන් දාලා ආණ්ඩුවට දෙසපු හැටි
09:29

?