යාපනයේ හඳුනානොගත් වෛරසයේ අනන්‍යතාව හෙළිවෙයි – මියගිය පුද්ගලයින්ට මී උණ ! (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ හඳුනා නොගත් වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ මරණයට හේතුව මී උණ (ලෙප්ටොස්පයිරා-Leptospira) බවට තහවුරු වී තිබෙනවා.

අද (12) පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය තුෂාණි දාබරේ මහත්මිය මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ; මියගිය පුද්ගලයින්ගේ සිරුරේ රුධිර සාම්පල මහනුවර ශික්ෂණ රෝහලේ රසායනාගාර පරීක්ෂණවලින් ඒ බව තහවුරු වී ඇති බවයි.

අදාළ උණ රෝගය වැළඳී මියගිය පුද්ගලයින් 07 දෙනාගෙන් කිහිපදෙනෙකුගේ රුධිර සාම්පලවල මී උණ වෛරසය අඩංගු වී ඇති බවටයි හෙළි ව ඇත්තේ.

මීට පෙර වෛද්‍ය අංශ සැක පළ කළේ මෙම වෛරසය මී උණ හෝ ඉන්ෆ්ලුවෙන්සා රෝගය විය හැකි බවටයි.

මෙම රෝගීන් හත් දෙනාම ශ්වසන අපහසුතා හේතුවෙන් මියගොස් තිබුණා.

මියගිය පිරිසෙන් හයදෙනෙකු යාපනය රෝහලේදිත් තවත් එක් අයෙකු මුලතිව් රෝහලේදිත් මියගොස් ඇති බවයි වාර්තා වූයේ.

මී උණ රෝගය ආසාදනය වන්නේ මී ගවයින්ගේ හෝ මීයන්ගේ මළමුත්‍ර ජලයට එක්වීමෙන් ඒවා මිනිස් ශරීරයේ ඇති තුවාල හෝ සීරිම් මගින් බවයි වෛද්‍ය අංශ පවසන්නේ.

එහි රෝග ලක්ෂණ ලෙස ඇඟපත රුදාව, හිසේ රුදාව, ඇස් රතුවීම ආදිය පෙන්වාදිය හැකි බැවින් එම රෝග ලක්ෂණවලින් යම් කිසිවෙකු පෙළෙන්නේ නම් වහාම රජයේ රෝහලක් වෙත යොමු වන ලෙසට ද වෛද්‍ය අංශ ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14