යාපනයේ පොඩි මාලිංගට දෝනිගෙන් අවස්ථාවක් (ඡායාරූප)

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සහාය පන්දු යවන්නෙකු ලෙස එක්වන්නට යාපනයේ යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ 17 හැවිරිදි කුගදාස් මාතුලන්ට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ, අනුව කුගදාස් මේ වනවිටත් ඉන්දියාවේ චෙන්නායි හි මදුරාසිය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ සහ යාපනය මාධ්‍ය මහා විද්‍යාලය අතර මෙවර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයේ දී පන්දු යැවීමෙන් ඔහු දැක් වූ දක්ෂතා, චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් දැක කුගදාස්ට මෙම අවස්ථාව ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන කුගදාස් මාතුලන් මෙවර වාර්ෂික ක්‍රිකට් තරගයේ දී යාපනය මාධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමේ දෙකේ දී කඩුලු 04ක් බිඳ දැමුවා.

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

1 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13