spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ පොඩි මාලිංගට දෝනිගෙන් අවස්ථාවක් (ඡායාරූප)

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සහාය පන්දු යවන්නෙකු ලෙස එක්වන්නට යාපනයේ යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ 17 හැවිරිදි කුගදාස් මාතුලන්ට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ, අනුව කුගදාස් මේ වනවිටත් ඉන්දියාවේ චෙන්නායි හි මදුරාසිය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ සහ යාපනය මාධ්‍ය මහා විද්‍යාලය අතර මෙවර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයේ දී පන්දු යැවීමෙන් ඔහු දැක් වූ දක්ෂතා, චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් දැක කුගදාස්ට මෙම අවස්ථාව ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන කුගදාස් මාතුලන් මෙවර වාර්ෂික ක්‍රිකට් තරගයේ දී යාපනය මාධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමේ දෙකේ දී කඩුලු 04ක් බිඳ දැමුවා.

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

1 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?