යාපනයේ පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ අය සොයා පරීක්ෂණ

යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීවු ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල සිටි 05 දෙනෙකු තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් මේ වන විට විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

නෙඩුන්තීවු ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල පුද්ගල මළ සිරුරු ඇති බවට ඩෙල්ෆ් පොලිසියට ඊයේ (22) දින ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකරන ලද සෝදිසියකදී යි මළසිරුරු 05ක් සමග බරපතල තුවාල ලැබූ වයෝවෘධ කාන්තාවක් සොයාගනු ලැබුවේ.

අසල්වැසියෙකු විසින් මිය ගිය අයෙකුට දුරකතන ඇමතුමක් ලබාගත් අවස්ථාවේදී එයට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් නිවසට ගොස් පරික්ෂා කිරීමේදී නිවස තුල සිදුව ඇති මෙම ඝාතනයන් දැක ඒ බව පොලිසියට සහ අසල්වාසීන්ට දැනුම් දී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු යි.

ඔවුන් අතර නිවසේ හිමිකාරිය සහ ඇගේ සහෝදරියන් දෙදෙනා, නිවෙස් හිමිකාරියගේ ස්වාමි පුරුෂයා සහ තවත් ඥාති පුද්ගලයෙකු ඒ අතර වනවා.

එමෙන්ම අදාළ ඝාතනයන් පෙරේදා (21) දින රාත්‍රියේ හෝ ඊයේ (22) දින අලුයම සිදුව ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ අවුරුදු 100ක් පමණ වයසැති කාන්තාවක් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතරම උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් විසින් පුලුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මේ වන විටත් සැක සහිත පුද්ගලයින් පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

තියුණු ආයුධවලින් පහරකෑමෙන් මෙලෙස මියගොස් ඇති සියලු දෙනා නෙඩුන්තීවු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75 ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයින්.

78 හැවිරිදි වේලායුදම් නාගෙන්ද්‍ර රත්නම්, 82 හැවිරිදි නාගනිධි බාලසිංහම්, 76 හැවිරිදි නාගසිංහම් කන්මණිපිල්ලෙයි, 83 හැවිරිදි කාතරිකේසු නාගේස්වරී සහ 75 හැවිරිදි එස්. මහාදේවන් නැමති අය මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

මේ අතර අදාළ ඝාතනයන් සමගම නෙඩුන්තීව් ප්‍රදේශයේ ජනතාව අතර දැඩි භීතියක් හටගෙන ඇති අතර වහාම ඝාතකයින් නීතිය හමුවට ගෙන ආයුතු බව පවසමින් ප්‍රදේශවාසීන් රැසක් ඊයේ (22) සවස විරෝධතාවයකද නිරත වුණා.

මෙම ඝාතනයන්ට නිශ්චිතවම හේතුව මෙතෙක් අනාවරන වී නොමැති අතර පරීක්ෂණවලින් පසු මළසිරුරු ඥාතීන් වෙතට භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03