AFC Banner
AFC Banner
Empty Ad

යාපනයට සුළි සුළඟක් – තිදෙනෙකුට තුවාල

අයහපත් කාලගුණයත් සමග යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට බලපෑ සුළි සුළං තත්ත්වයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල වී නිවාස 50කට ආසන්න ප්‍රමාණයකට දේපොළ හානි සිදු ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ; පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් පීඩාවට ලක් ව ඇති බවටයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි යාපනය – ගුරුනගර් හා කොලොම්බුතූර් ප්‍රදේශ වෙත මෙලෙස සුළි සුළං තත්ත්වය බලපා තිබෙනවා.

සුළි සුළං ඇති වන අවස්ථාවල දී නිවෙස් තුළ රැඳී සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

මේ අතර පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමට ප්‍රදේශ භාර ග්‍රාමසේවක නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?