යල කන්නයේ දී මඩ පොහොර නොමිලේ

ලබන යල කන්නයේ දී වී වගාවට අවශ්‍ය මඩ පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනය විසින් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක ආධාරයක් ලබාදීමට එකඟතාවය පළ කර ඇති බව ද අමාත්‍යවරයා සනහන් කර සිටියා.

2022/23 මහ කන්නයට අවශ්‍ය පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර මෙවර මහ කන්නයේ දී මූලික පොහොර ලබාදීම සඳහා මුදල් ප්‍රතිපාදන සොයා ගැනීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?