යතුරුපැදි දෙකක් එකිනෙක ගැටෙන අවස්ථාවේ එක් යතුරුපැදියක හැඩලය මත තිබූ මන්නා පිහියක් වැදී තුවාල ලැබූ අයෙක්
හලාවත රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හලාවත, කරවිටාගාරය ප්‍රදේශයේ දී ඊයේ (12) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත, මුගුණුවටන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.
කරවිටාගාරය, කීනගස්පිටිය ප්‍රදේශයේ අතුරු මාර්ගයේ දී එම යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී එක් යතුරුපැදියක හැඩලය මත තිබූ මන්නා පිහියක් අනෙක් යතුරුපැදියේ පැමිණි පුද්ගලයාගේ සිරුරේ වැදී කැපුම් තුවාල සිදුව තිබෙනවා.
එම අවස්ථාවේ දී තුවාලකරුව ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතට, රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට සම්බන්ධ අනෙක් යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.



