යතුරුපැදියේ අධික වේගය නිසා ජීවිතයක් අහිමි වෙයි

ඊයේ (08) රාත්‍රී කාලයේ උප්පුවේලි පොලිස් වසමේ ත්‍රිකුණාමලය – උප්පුවේලි මාර්ගයේ ඇලස්වත්ත ප්‍රදේශයේ දී නිලාවේලී දෙස සිට උප්පුවේලි දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ සිටි පුද්ගලයෙකුගේ ගැටී සිදු වූ අනතුරින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි වූ උප්පුවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් පසුව යතුරුපැදිය පලා ගොස් ඇති අතර උප්පුවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?