AFC Banner
AFC Banner
Empty Ad

මෝස්තර නිරූපිකාවගේ සියදිවි නසාගැනීමේ සිද්ධියට IPL ක්‍රීඩකයෙකු ගැන සැකයක්

පසුගිය දා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබූ ඉන්දීය මෝස්තර නිරූපිකා ටාන්යා සිං ගේ මරණය සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙන බව වාර්තා වනවා.

අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් ෂර්මාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුට නොතිසි නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි NDTV පුවත් සේවය වාර්තා කළේ.

සියදිවි හානිකරගත් ටාන්යා සිං සමඟ අභිෂේක් ෂර්මා සමීප ඇසුරක් පවත්වා ඇති බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

මියගිය නිරූපිකාව විසින් ෂර්මා වෙත වැට්ස්ඇප් හරහා යවන ලද පණිවිඩ පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර, ය විසින් යවන ලද පණිවිඩ සඳහා ෂර්මා පිළිතුරු ලබානොදී තිබු බවටයි හෙළිව ඇත්තේ.

මේ අතර අභිෂේක් ෂර්මා ඇයගේ දුරකථන අංකය ද අවහිර කර ඇති අතර, සමාජ මාධ්‍යවල ඇයගේ පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වා ඇති බව ද වැඩිදුරටත් කරුණු අනාවරණය කරගෙන ඇති බවයි NDTV පුවත් සේවය වාර්තා කරන්නේ.

ඒ, අනුවයි 28 හැවිරිදි ටාන්යා සිං ගේ මරණය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් ෂර්මාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය මෙලෙස සැරසෙන්නේ.

ටාන්යා සිංගේ සිරුර ඇගේ පියා වන භන්වර් සිං විසින් පසුගිය සඳුදා උදෑසන ඇයව අවදි කිරීමට ඇයගේ කාමරයට ගිය අවස්ථාවේදී සොයා ගෙන තිබුණා.

දෙමාපියන් සමඟ ජීවත් වූ ඇය නිරූපිකාවක් සහ විලාසිතා නිර්මාණ ශිල්පිනියක විඋ අතර, ඇයට සමාජ මාධ්‍ය වේදිකාවල සැලකිය යුතු රසික පිරිසක් සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?