මෝස්තර නිරූපිකාවගේ සියදිවි නසාගැනීමේ සිද්ධියට IPL ක්‍රීඩකයෙකු ගැන සැකයක්

පසුගිය දා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබූ ඉන්දීය මෝස්තර නිරූපිකා ටාන්යා සිං ගේ මරණය සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙන බව වාර්තා වනවා.

අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් ෂර්මාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුට නොතිසි නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි NDTV පුවත් සේවය වාර්තා කළේ.

සියදිවි හානිකරගත් ටාන්යා සිං සමඟ අභිෂේක් ෂර්මා සමීප ඇසුරක් පවත්වා ඇති බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

මියගිය නිරූපිකාව විසින් ෂර්මා වෙත වැට්ස්ඇප් හරහා යවන ලද පණිවිඩ පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර, ය විසින් යවන ලද පණිවිඩ සඳහා ෂර්මා පිළිතුරු ලබානොදී තිබු බවටයි හෙළිව ඇත්තේ.

මේ අතර අභිෂේක් ෂර්මා ඇයගේ දුරකථන අංකය ද අවහිර කර ඇති අතර, සමාජ මාධ්‍යවල ඇයගේ පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වා ඇති බව ද වැඩිදුරටත් කරුණු අනාවරණය කරගෙන ඇති බවයි NDTV පුවත් සේවය වාර්තා කරන්නේ.

ඒ, අනුවයි 28 හැවිරිදි ටාන්යා සිං ගේ මරණය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් ෂර්මාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය මෙලෙස සැරසෙන්නේ.

ටාන්යා සිංගේ සිරුර ඇගේ පියා වන භන්වර් සිං විසින් පසුගිය සඳුදා උදෑසන ඇයව අවදි කිරීමට ඇයගේ කාමරයට ගිය අවස්ථාවේදී සොයා ගෙන තිබුණා.

දෙමාපියන් සමඟ ජීවත් වූ ඇය නිරූපිකාවක් සහ විලාසිතා නිර්මාණ ශිල්පිනියක විඋ අතර, ඇයට සමාජ මාධ්‍ය වේදිකාවල සැලකිය යුතු රසික පිරිසක් සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57