AFC Banner
AFC Banner
Empty Ad

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි – පස් දෙනෙකුට තුවාල

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් 02 කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් පාලමක් අසලින් කිරිඳි ඔයේ අතු ගංගාවකට පෙරලීමෙන් අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුර ඊයේ රාත්‍රියේ දී සිදු ව ඇති අතර, අනතුරින් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් පිරිසක් වන අතර; තුවාල ලැබූ අයගෙන් එක් අයෙක් උප පොලිස් පරීක්ෂකවරයෙක් වන අතර තවත් අයෙක් ගුවන් හමුදා සෙබලෙක්.

ඇල්ල ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථය එක්වරම මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණා.

WhatsApp Image 2023 11 01 at 09.11.22 1
WhatsApp Image 2023 11 01 at 09.11.22
WhatsApp Image 2023 11 01 at 09.11.23 1
WhatsApp Image 2023 11 01 at 09.11.23 2
WhatsApp Image 2023 11 01 at 09.11.23
WhatsApp Image 2023 11 01 at 09.11.24 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?