මෝටර් රථයක් ගසක හැපී ගුරුවරියක් ජීවිතක්ෂයට (ඡායාරූප)

අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල බැමිණියන්විල ප්‍රදේශයේ දී අද (31) දින අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් රියදුරු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අලුයම 02.00ට පමණ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක වැදීමෙන් මෙම රිය අනතුර සිදුව තිබුණා.

මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවක් මිය ගොස් රියදුරු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය දෙස සිට නෝනගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් වන අතර රියදුරුට නින්ද යාම නිසා රිය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බවයි අම්බලන්තොට පොලීසිය සදහන් කළේ.

අනතුරට ලක්ව ඇත්තේ හම්බන්තොට, අඩි සීය පාර, මිරිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේ රිය ධාවනය කොට ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියා විසිනුයි.

ඔහු අම්බලන්තොට මාමඩල විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ද කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කළා.

එමෙන්ම අනතුරින් මියගිය අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ වන අතර ඇය මාාතර සර්වේසස් විද්‍යාලයේ ගුරුවරියක ලෙස ද කටයුතු කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අම්බලන්තොට පොලීසිය විසින් සිදු කරන අතර මියගිය ගුරුවරියගේ පශ්චාත් මරණ කටයුතු හම්බන්තොට මහ රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

IMG 20240331 WA0010
IMG 20240331 WA0007
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
4
+1
32
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?