මෝටර් රථයක් ගසක හැපී ගුරුවරියක් ජීවිතක්ෂයට (ඡායාරූප)

අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල බැමිණියන්විල ප්‍රදේශයේ දී අද (31) දින අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් රියදුරු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අලුයම 02.00ට පමණ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක වැදීමෙන් මෙම රිය අනතුර සිදුව තිබුණා.

මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවක් මිය ගොස් රියදුරු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය දෙස සිට නෝනගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් වන අතර රියදුරුට නින්ද යාම නිසා රිය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බවයි අම්බලන්තොට පොලීසිය සදහන් කළේ.

අනතුරට ලක්ව ඇත්තේ හම්බන්තොට, අඩි සීය පාර, මිරිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේ රිය ධාවනය කොට ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියා විසිනුයි.

ඔහු අම්බලන්තොට මාමඩල විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ද කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කළා.

එමෙන්ම අනතුරින් මියගිය අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ වන අතර ඇය මාාතර සර්වේසස් විද්‍යාලයේ ගුරුවරියක ලෙස ද කටයුතු කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අම්බලන්තොට පොලීසිය විසින් සිදු කරන අතර මියගිය ගුරුවරියගේ පශ්චාත් මරණ කටයුතු හම්බන්තොට මහ රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

IMG 20240331 WA0010
IMG 20240331 WA0007


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28