AFC Banner
Empty Ad
Empty Ad

මොහොමඩ් සිරාජ් උසස් නිලයකින් පොලිස් සේවයට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ඉන්දීය පොලිසියේ නියෝජ්‍ය පොලිස් අධිකාරී තනතුරකට පත්කර තිබෙනවා.

තෙලන්ගානා ප්‍රාන්ත පොලිසිය විසින් මෙලෙස ඔහුව නියෝජ්‍ය පොලිස් අධිකාරී තනතුරට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (12) දිනයේ දී මොහොමඩ් සිරාජ් තෙලන්ගානා ප්‍රාන්තයේ පොලිස් අධ්‍යක්ෂ ජනරාල් ජිටෙන්දර් වෙත වාර්තා කිරීමෙන් පසු එම තනතුර නිල වශයෙන් භාරගත් බවයි.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවේ ජයග්‍රහණය වෙනුවෙන් දැක්වූ දක්ෂතා මත තෙලන්ගානා ප්‍රධාන අමාත්‍ය ඒ රේවන්ත් රෙඩ්ඩි විසින් මොහොමඩ් සිරාජ්ට හයිද්‍රාබාදයෙන් විශාල ඉඩමක් ද පරිත්‍යාග කිරීමට කටයුතු කළා.

එම ඉඩම වර්ග අක්කර 600ක් පමණ වන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?