වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනවලට සවන්දුන් අයකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටීනවා.
මෙම පුද්ගලයා විසින් ප්‍ර දේශ රැසක දේශන සිදුකර ඇති බවත්, ඔහුගේ දේශනවලට සවන් දුන් පුද්ගලයන් කීපදෙනකුම මේ වනවිට සියදිවි හානි කරගෙන ඇති බව අනාවරණය වී ඇති බවත් ඒ මහතා ඊයේ (03) විශේෂ මාධ්‍ය හමුවකදී පැවසුවා.තමන් ගුප්ත විද්‍යාව පිළිබඳව හදාරා ඇති බව මෙලෙස සියදිවි හානිකරගෙන ඇති දේශකයා විසින් සිය දේශනවලදී කියා ඇතත් ඔහු එවැනි විෂයක් හෝ ආගමික මතවාදයන් පිළිබඳව කිසිදු හැදෑරීමක් සිදුකර නැතැයි හෙළි වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
එසේම, ඔහු මසකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ගෙවා හෝමාගම මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලී පදනම මත ලබාගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.














