මොරගල්ල මුහුදේ බෝට්ටුවක් පෙරළී අතුරුදන්ව සිටි දෙදෙනාගේ සිරුරු බෙන්තරින් හමුවේ (වීඩියෝ)

කළුතර, බේරුවල, මොරගල්ල ප්‍රදේශයේ දී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර බෝට්ටුවක් අනතුරට ලක්ව අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙම ධීවරයින් දෙදෙනාගේ මෘත ශරීර බෙන්තර වෙරළට ගොඩගසා තිබිය දී අද (29) සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අලුත්ගම , කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිව 47 හැවිරිදි රවීන්ද්‍ර නදුන් කුමාර සහ 43 හැවිරිදි දුමින්ද ජගත් කුමාර නැමැති සහෝදරයින් දෙදෙනෙක්.

මොවුන් දෙදෙනා ගමන් ගත් බෝට්ටුව ඊයේ (28) මොරගල්ල මුහුදු තීරයේ දී අනතුරට ලක්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?