ළිඳක තිබි කාන්තා නිසල සිරුරක් පොලිසියට හමුවෙයි

මුලතිව්, තේරාවිල් ප්‍රදේශයේ ළිඳක තිබී කාන්තා මළ සිරුරක් ඊයේ (13) ගොඩගත් බව මුලතිව්,පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත අදාළ කාන්තාවගේ මළ සිරුර ළිඳ තුළ තිබි ගොඩගත් බවයි.

වයස අවුරුදු 52 ක් වන තිදරු මවකගේ සිරුරක් එලෙස ළිඳ තුළ තිබි ගොඩගත් බවද පොලිසිය සඳහන් කළා.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතර, මරණයට හේතුව සොයා පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !