AFC Banner
Empty Ad
Empty Ad

මොන ප්‍රශ්නය ආවත් බෞද්ධ අධ්‍යාපනය දියුණු කරන බවට ජනපති කියයි (වීඩියෝ)

කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්.

සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් හා අ.පො.ස (සාමාන්‍ය පෙළ)දක්වා ඉගෙනුම ලබන ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මසකට රුපියල් 3000/- බැගින් මාස 12 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම මේ
යටතේ සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?