AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීට එරෙහි පෙත්සම සැප්තැම්බර් 02 කැඳවන්න

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබු මෙම පෙත්සම අද (10) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

වග උත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයා දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වනදා කැඳවන ලෙස නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මගින් ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය උල්ලංඝනය කර අධිකරණයට අපහාසයක් කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු සාමාජිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?