අපරාධවලට ගත් T56 ගිනිඅවි හා පිස්තෝල 13ක් පොලිස් භාරයට -පොලිස් විමර්ශනවල විශ්වසනීයත්වය ගැනත් ප්‍රකාශයක්

මේ වසරේ ගත වූ කාලය තුළ අපරාධ සඳහා භාවිතා කළ T56 වර්ගයේ ගිනිඅවි සහ පිස්තෝල 13ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අද (06) පැවති පොලිස් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා මේ බව කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකා පොලිසිය විසින් ”නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කර, අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විමර්ශන කටයුතු විධිමත් ව සිදු කෙරෙනවා” යන්නට ඇති හොඳම සාක්ෂිය වන්නේ, අපරාධ කිරීමට ආධාර, අනුබල දුන් ඇතැම් පොලිස් නිලධාරීන් පවා කිසිදු භේදයකින් තොරව අත්අඩංගුවට ගෙන තිබීම බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මිද්දෙණිය ඝාතනය සම්බන්ධයෙන් මෙන් ම ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් ද සිටීම ගැන අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?