අපරාධවලට ගත් T56 ගිනිඅවි හා පිස්තෝල 13ක් පොලිස් භාරයට -පොලිස් විමර්ශනවල විශ්වසනීයත්වය ගැනත් ප්‍රකාශයක්

මේ වසරේ ගත වූ කාලය තුළ අපරාධ සඳහා භාවිතා කළ T56 වර්ගයේ ගිනිඅවි සහ පිස්තෝල 13ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අද (06) පැවති පොලිස් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා මේ බව කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකා පොලිසිය විසින් ”නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කර, අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විමර්ශන කටයුතු විධිමත් ව සිදු කෙරෙනවා” යන්නට ඇති හොඳම සාක්ෂිය වන්නේ, අපරාධ කිරීමට ආධාර, අනුබල දුන් ඇතැම් පොලිස් නිලධාරීන් පවා කිසිදු භේදයකින් තොරව අත්අඩංගුවට ගෙන තිබීම බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මිද්දෙණිය ඝාතනය සම්බන්ධයෙන් මෙන් ම ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් ද සිටීම ගැන අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57