AFC Banner
Empty Ad
Empty Ad

මෙහෙම වාහන නතර කලොත් වැඩ වරදියි

පදික වේදිකා භාවිත කරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් වනවා. පදික වේදිකා මතින් රථ වාහන ධාවනය කිරීම, භාණ්ඩ පැටවීම සහ භාණ්ඩ බෑම හේතුවෙන් පදික වේදිකාවලට හානි සිදු වනවා.

 ඒ අනුව පදික වේදිකා මතින් වාහන ගමන් කිරීම, සේවා සපයන විශේෂිත වාහන පදික වේදිකා මත සිටු වීම, වාහන නවතා තැබීම, පදික වේදිකා අවහිරවන ලෙස භාණ්ඩ බෑම හෝ පැටවීම සහ පදික වේදිකාවලට හානි සිදු කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි පොලිස්පති සී ඩී වික්‍රමරත්න සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත්තේ. 

එලෙස නීතිය කඩකරන රියදුරන් හට පළමුව සති දෙකක කාලයක් අවවාද කරනු ලබනවා. ඉන් අනතුරව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත්තේ. එලෙස නීිතිය කඩකරන රියදුරන්ට එරෙහිව මෝටර් වාහන පනත, ජාතික මන් මාවත් පනත, දණ්ඩ නීති සංග්‍රහය හා පොදු දේපල පනත යටතේ ක්‍රියා කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?