මෙහෙම වාහන නතර කලොත් වැඩ වරදියි

පදික වේදිකා භාවිත කරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් වනවා. පදික වේදිකා මතින් රථ වාහන ධාවනය කිරීම, භාණ්ඩ පැටවීම සහ භාණ්ඩ බෑම හේතුවෙන් පදික වේදිකාවලට හානි සිදු වනවා.

 ඒ අනුව පදික වේදිකා මතින් වාහන ගමන් කිරීම, සේවා සපයන විශේෂිත වාහන පදික වේදිකා මත සිටු වීම, වාහන නවතා තැබීම, පදික වේදිකා අවහිරවන ලෙස භාණ්ඩ බෑම හෝ පැටවීම සහ පදික වේදිකාවලට හානි සිදු කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි පොලිස්පති සී ඩී වික්‍රමරත්න සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත්තේ. 

එලෙස නීතිය කඩකරන රියදුරන් හට පළමුව සති දෙකක කාලයක් අවවාද කරනු ලබනවා. ඉන් අනතුරව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත්තේ. එලෙස නීිතිය කඩකරන රියදුරන්ට එරෙහිව මෝටර් වාහන පනත, ජාතික මන් මාවත් පනත, දණ්ඩ නීති සංග්‍රහය හා පොදු දේපල පනත යටතේ ක්‍රියා කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44